මොකක්ද මේ blogs කියන්නේ? batch උන් කියනවා ඇහිල මටත් හිතුනා ටිකක් හොයලා බලන්න. මගේ හිතේ තිබුණේ මේක මාර අමුතු වැඩක් කියලා. ඒත් කොල්වින්ට කියලා මේක හදා ගත්තට පස්සෙ නම් හිතුනේ මොන විකාරයක්ද කියලා.මට තවමවත් තේරෙන්නෙ නැ ඇයි මෙහෙමෙ දේවල් කරන්නේ කියලා.
e-mail, facebook account හදනකොටත් මට මෙහෙම දේවල් හිතුන. ඒ තියා A/L කරන කාලෙත් මොන මගුලට මේ කට්ට කනවද කියල හිතිලා තියෙනවානෙ. ඒත් ඒ දේවල් වලින් මොනව මොනව හරි මම කරගෙන තියනව.මේකෙන් නම් මොනවත් මට කියලා කරගන්න නැතිවෙයි. ඒත් කමක් නැ වැඩක් නැති වෙලාවට කාලෙ කන්න ක්‍රමයක් හරි තියනවානේ කියලා හිත හදාගෙන මේක දිගටම කරගෙන යන්නයි හිතාන ඉන්නෙ.
මම මොන පොර ටෝක් හැලුවත් ඇත්තටම මේක මට අලුත් දෙයක්. ගමේ ගොඩේ හැදිලා කොළඹට ආපු මට ඇත්තටම මේව ගොඩයන්ට magic වගේ.
ඒත් ඉතිං මොනවද ලියන්නේ ? මගෙ diaryය විදිහට මේක පාවිච්චි කරනවද , ඒ කියන්නෙ මගේ දෛනික් ජීවිතයෙ වෙන දේවල් !අම්මෝ, එහෙම කලොත් නම් මම ඉවරයි. මට වෙන දේවල් අන්තර් ජාලයෙ ලියන්ඩ........! ඒ තියා මේ දෙනෝ දාහක් දෙනාට බලන්න පුලුවන් විදිහට....! මට ආය පාරෙ බැහැලා ගිහිං ඉවරයි. මට වෙන දේවල් රටේ ලෝකෙ මිනිස්සු දන්නවානං ........... අම්මෝ හිතනකොටත් මයිල් කෙලිං වෙනවා.
වෙලාවකටනං හිතෙනවා blog කියන්නෙ මම කියන වදුරට අහුවුන දැලි පිහියක්ද කියලා ?
මම කොළඹ එන දවසේ අම්මා කිව්ව "පුතේ කොළඹ ගිහිං නොදන්න තැන් වල තනියම ඇවිදින්න යන්න එපා" කියලා.ඒත් මම දැං කරන්නෙම ඒකනෙ. අන්තර් ජාලය කියන්නෙ මම campus එන්න කලිං යනවා තියා හීනෙකිං වත් පෙනිලා නොතිබුන තැනක්. දැං ඉතිං මේ තට්ට තනියම සැරි සරන්නෙ හරියට දන්න තැනක් වගේ.මේ කොහෙන් කොහෙන් හරි ඉගෙනගෙන blog එහෙමත් හදන්නෙ. හැබැයි ඉතිං කරන්නෙ ඇයි කියලවත් නොදැන මේව කරන්න ගිහිං කෙලවුණාම........ එදාට පුලුවං මූණ එල්ලගෙන අහස පොලව ගැටලන්න.අම්මා එපා කියපු කීයක්නම් දේවල් කරන්න ගිහිං මම ඇණගෙන තියනවද, ඒත් තවම මට්ටුවෙලා නෑ.
තවමත් මට කිසිම idia එකක් නෑ මේකෙ මොනවද ලියන්නෙ කියලා. යාළුවන්ගෙන් ඇහුවට උන්ටත් එහෙමට කියලා අදහස් නෑ. උන් කියන්නෙත් "මොනවා හරි ලියපං බං කියලා". හැබැයි මම කොල්වින් එක්ක blog එක හදනකොට සාකුන්තල අයියාගෙන් ඇහුවාම කිව්වෙ මේක හරියට පත්තරයක් වගේ කියලා. අනේ මන්දා, එයා කියන විදිහට එතකොට අපි මාධ්‍ය වේදියෝ වගේද? සාකුන්තල අයියගෙන් මේක අහන්නත් මොනවදෝ වගේ.
Wednesday, June 24, 2009
Subscribe to:
Posts (Atom)